World

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.

සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ බව කීවේය.

අයි.එස් සංවිධානය සියයට සියයකින් පරාජයට පත්කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් එහිදි කීවේය. අයි.එස් සංවිධානය කලකදී අත්පත් කරගෙන තිබූ විශාලතම ප්‍රදේශයත් වත්මන් තත්ත්වයත් සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටනයේදී මාධ්‍යවේදීන්ට පැහැදිලි කළේය.

“මේ ඉන්නේ අයි.එස්.අයි.එස්. දැන් ඔවුන්ට කිසිවක් නැහැ” යැයි ට්‍රම්ප් කීවේය.

“අයි.එස් සංවිධානය සිරියාවේ ප්‍රකාශයට පත් කළ කාලිෆාව විනාශ කර දැමුවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කීවාය.

අයි.එස් සංවිධානය අවසන් වරට රැඳි සිටියේ සිරියාවේ බගූස් ගම්මානයේය. එම ගම්මානය ඉලක්ක කරගනිමින් කුර්දි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය සිරියාවේ අයි.එස් සටන්කාමීන් පරාජයට පත් කළ බව ප්‍රකාශයට පත් කළේ දින ගණනාවක් මුළුල්ලේ එම ගම්මානයේ අයි.එස් ඉලක්ක වෙත බෝම්බ හෙළීමෙන් පසුවය.

ඒ.එෆ්.පී. ඇසුරිනි

Related posts

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

Admin

ප්‍රංශයේ මැයි දින පෙළපාලි අතරතුර ගැටුම්වලින් පොලිසියේ 100කට අධික පිරිසක් තුවාල ලබයි

Admin

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

colombotoday

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ව්‍යසනයක්..“මුස්ලිම් සහෝදරත්වය“ අනතුරු අගවයි.. ඉස්ලාම් ලෝකය තැති ගනී

colombotoday