මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ ජාතික හෙළ උරුමය ඊයේ පැවති 68 වන ජාතික නිදහස් උළෙල වර්ජනය කර තිබෙනවා. ජාතික ගීයට සමාන වීකෘති කරන ලද ගීයක් දෙමළ භාෂාවෙන් ගැයීමට ගත් තීරණය කල් තියා දැන ගැනීමට ලැබුණු බැවින් එයට විරෝධය පලකිරීමක් වශයෙන් ඔහු මෙසේ ජාතික නිදහස් උළෙලට සහභාගී නොවීමට තීරණයක් ගත් බවයි හෙළ උරුමයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ
කෙසේ වෙතත් සිංහල ජාතික බලවේග ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසිමකදී ඔවුන් ප්‍රකාශ කළේ මෙවැනි තත්වයක් ඇති වීමට තමන් කිසි සේත් ඉඩ නොදෙන බවට පොරොන්දු දෙමින් වත්මන් රජය බලයට පත් කිරීම සදහා සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද පදනම භාවිතා කළ චම්පික රණවක මහතා ජාතික ගීය දමිළ බසින් ගෑයීමට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කර, ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තමන්ගේ අවංක භාවය පෙන්වීමට කටයුතු කළ යුතු බවයි.