
ජා-ඇල පොලිස් බල සීමාවේ සුදු වැල්ල ප්‍දේශයෙන් අද (06 දා) කොරෝනා ආසාදිතයකු සොයා ගත් බව ජා-ඇල පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වෙනත් වරදකට ප්‍රදේශවාසීන් විසින් බෝපිටිය පෙලීසියට භාර දී තිබේ.
ඔහුට උණ ඇතුළු කොරෝනා රෝග ලක්ෂණ මතු වීම නිසා පමුණුගම රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලෙන් එම රෝගියාව රාගම රෝහලට මාරු කර යවා ඇත.
එහිදී කරනු ලැබූ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ එම රෝගියා කොරෝනා ආසාදිතයකු බවටයි.