Colombo Today Local News

ජනපතිට එරෙහිව නිව්යෝක් නුවර උද්ඝෝෂණ… ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී රාජ්‍යක් ලෙස නම් කරන්න ඉල්ලයි…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට යුද අපරාධ චෝදනා නගමින් රටින් පිට ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානයේ පිරිස් විරෝධතාවක් පවත්වා තිබේ.

ඔවුන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට සංදේශයක් භාර දෙමින් ඉල්ලා ඇත්තේ දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට අසමත් වී තිබෙන ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙසයි.

යුද සමයේ වැඩ බලන ආරක්ෂක ඇමැති වශයෙන් රාජකාරි කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිගෙන ඇති හෙයින් යුද අපරාධ සම්බන්ධයෙන් බැඳෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන්ට සහ රාජ්‍ය නායකයන්ට ඔවුන් විසින් යවන ලද පනිවුඩයක දැක්වේ.

එක්සත් ජාතීන්ගෙන් යුක්තිය ඉල්ලා සිටි විරෝධතා කරුවෝ ශ්‍රී ලංකාව “ත්‍රස්තවාදී රාජ්‍යයක්” ලෙසත් ජනාධිපතිවරයා “යුද අපරාධකරුවකු” ලෙසත් හෙලා දකින සටන් පාඨ හඬ නැගූහ.

Related posts

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

පල්ලියේ ලෙබ්බේ දුෂණය කළ මුස්ලිම් කාන්තාවකගේ පාපොච්චාරණය

colombotoday

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday

රට,දැය,සමය වෙනුවෙන් කැප වූ මහ යතිවරුන් හදිසියේ අපවත් වන අබිරහස කුමක්ද?

colombotoday

විමල් – ජයන්ත දුටුතැන අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

colombotoday