Colombo Today Local News

චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ

හොංකොං සහ චීනයේ මැකාවු නගර යා කරමින් ඉදිකර ඇති ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම අද විවෘත කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පාලමේ දිග කිලෝමීටර් 55 කින් සමන්විතය.

අමෙරිකානු ඩොලර් බිලියන 20 ක වියදමින් මෙම පාලම ඉදිකෙරෙන අතර පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී ජින්පිං සහභාගිවීමට ද නියමිත වේ.

ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම වන මෙය ජනතාවට විවෘත කිරීම අද දිනයේ සිදු කිරීමට නියමිත බව චීන බලධාරීන් පවසති.

මෙම පාලම ඉදිකිරීම සඳහා වසර 09 ක් ගත වී ඇති අතර මෙහි වැඩ කටයුතු 2016 වසරේ නිම කිරීමට සැලසුම් කර තිබුන ද 2018 වසර දක්වා මෙහි ඉදිකිරීම් සිදු කර ඇති බව සඳහන් ය.

මෙම පාලම ඉදිකිරීමත් සමග චීනයේ මැකාවු සහ හොංකොං අතර ගමන් කිරීමට ගත වන කාලය පැය 03 යි මිනිත්තු 30ක් දක්වා අඩු වන බව බලධාරීන් සඳහන් කළහ.

කෘත්‍රීම දූපතක් යා කරමින් දිවෙන උමගක් හරහා ද මෙම පාලම ගමන් කිරීම විශේෂත්වයකි.

Related posts

35ත් 45ත් අතර කාන්තාවන් සුවනාරී සායනවලට සහභාගී වෙන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

Admin

TNA සහය රට බෙදීමට සහය වන අයටයි !

colombotoday

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

ඉන්දියාව නිසා උඩරට දුම්රිය මාර්ගය දවස් 6ක් වැසේ

Admin

රට බේරා ගත් රණවිරුවෝ අද හිර ගෙවල්වල දුක්‌ විඳිනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday