Covid 19

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිත මරණ 03ක්

තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ (23) දිනයේදී වාර්තා විය.

ඉන් දෙ⁣දෙනෙක්ම කාන්තාවන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක් IDH රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියාය.

ඒ, කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වූ උග්‍ර ආසාදන තත්ත්වයක් හේතුවෙනි.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අනෙක් කාන්තාව හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

හෘදයාබාධය සහ කොඩිඩ් 19 ආසානය ඊට හේතුව බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඊයේ මිය ගිය අනෙක් ආසාදිතයා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි අයෙකි.

කොළඹ ජාතික රොහලේදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඔහු ඇතුළත් කර තිබේ.

එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගියේ කොරෝනා ආසාදනය වීම නිසා ඇති වූ ලේ විසවීමකිනි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Related posts

චතුරිකා පීරිස්ට කොවිඩ් ආසාදනය වෙයි.

colombotoday

සතියක් තුළ දරුවන් අතර කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් ?

colombotoday

පාසල් සිසුවියකට කොරෝනා

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 1451 දෙනා වාර්තා වූ ප්‍රදේශ මෙන්න

colombotoday

තවත් කොවිඩ් මරණ 72ක්

colombotoday