Colombo Today Local News

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් අද (10) වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින්  එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදී.

පසුගිය මැයි 6 වැනිදා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා විසින් ලබා දුන් නියෝගය වූ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එය රටේ පවත්නා නීතිරීති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසටත් යනුවෙනි.

පසුව අදාළ නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවටත් පන්සල තුළ ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේ දී පෙත්සමක් ගොනු කරන ලදී.

ඒ අනුව අද (10) දිනයේ දී වවුනියාව මහාධිකරණයේදී නඩු අංක එච්.සී.වී. / ආර්.ඒ.වී./ 318/19 නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවටත් දැනට සංවර්ධනය කර ඇති තත්වයන් ඒ අයුරින්ම තැබිය යුතු වන අතර ඕනෑම පාර්ශවයක සිය ආගමික වතාවත්වල නිරත වීමට හැකි බවත්ය.

අනතුරුව නඩුව අගෝස්තු මස 26 වැනිදා දක්වා කල් දැමීමට ද වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා නියෝග කළේය.

අද දින මහාධිකරණයේ පැවති නඩු වාරය වෙනුවෙන් පළමු පාර්ශවයේ වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා සහ එතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, හරීන්ද්‍ර රාජපක්ෂ යන අයද දෙවැනි පාර්ශවයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

Related posts

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රථයේ රියදුරු තව දුරටත් රිමාන්ඩ්

colombotoday

“නාමල් බේබිලාගේ වැඩ තව මාස 2කින් රටම දැනගනී.. හොරකම, දූෂණය අපි නතරකළා” – තලතා

colombotoday

සමන් රත්නායක නැවතත් අධිකරණයට

Admin

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

ජනපති රනිල් ජපන් මුදල් ඇමති හමුවෙයි

Admin