Colombo Today Local News

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා සියයට 4ක වාර්ෂික පොලී අනුපාතිකය යටතේ මේ වන විට ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය යටතේ බලපත්‍රලාභී බැංකු හරහා හඳුන්වාදුන් මෙම ණය යෝජනා ක්‍රමය වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියනකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් සඳහා ණය ලබාදීමට නියමිතය.

අදාළ රුපියල් බිලියනක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

අදියර 03ක් යටතේ ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය හරහා රුපියල් බිලියන 150ක මුදලක් මුදාහැරීමට අපේක්ෂා කර ඇති අතර ජුලි මස 02 වන දින වන විට ව්‍යාපාර 20240ක් සඳහා රුපියල් බිලියන 53ක මුදලක් මුදාහැර තිබේ.

මාස 06ක් දක්වා වු උපරිම සහන කාලසීමාවක් යටතේ මාස 24ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවකට යටත්ව ණය ලබාදීම සිදුකරනු ලබන අතර මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අගෝස්තු මස 31 වන දින දක්වා අයදුම් කළ හැකි බව මහ බැංකුව සඳහන් කරයි.

Related posts

පියාගේ වෑන් රථයට යටවී අවුරුදු 2ක් වයසැති දැරියක මරු දකී

colombotoday

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

colombotoday

වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ

colombotoday

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday

සාස්තරකාරියට ලිංගික අතවර කර නිරුවත ගුරුකම් ප්‍රචාරයට යොදා ගත් ගුරුන්නාන්සේ දරුවෝ දෙන හැටි

colombotoday

ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

colombotoday