World

කොරෝනා වෛරසයෙන් බ්‍රිරිතාන්‍යයේ වැඩිම අන්තරායකාරි තත්වයක සිටින්නේ කවර කණ්ඩායමක්ද?

කොරෝනාවෛරසයට ගොදුරුව එක්සත් රාජධානියේ මරණයට පත්වෙන සුළු ජන පසුබිමක් සහිත ජනයා රටේ ජනගහන සංයුතියට සාපේක්ෂව බලන විට නොගැළපෙන අනුපාතයක් වන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් (Matt Hancock) පෙන්වා දෙයි.
එම කාරණය සම්බන්ධයෙන් එංගලන්තයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ආයතනය (PHE) දැනටමත් අධීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර, ඩොරීන් ලෝරන්ස් (Doreen Lawrence) ආදිපාදවරියගේ මෙහෙයුමෙන් තවත් අධීක්‍ෂණයක් සිදු කරන බව ලේබර් පක්ෂය විසින් නිවේදනය කරනු ලැබිණි.
“වැඩියෙන් ම අන්තරායකාරී තත්ත්වයක සිටින්නේ කවර කණ්ඩායම් ද? කියන එක සොයාගැනීම අතිශයින් ම වැදගත් සහ බරපතළ කාරණයක්,” එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ක්‍රිස් විටි (Prof Chris Whitty) ප්‍රකාශ කර ඇත.
එක්සත් රාජධානියේ තත්ත්වය
පසුගිය සතියේ අඟහරුවාදා (මැයි 05) දින වන විට එංගලන්තයේ රෝහල්වලින් වාර්තා කෙරුණු මරණවලින් යටත් පිරිසෙයින් 3,378ක් කළු හෝ වෙනත් සුළු ජන පසුබිමක් සහිත අය වූහ.
එම සංඛ්‍යා අනුව, ඒ වන විට සිදුව තිබුණ සියලු මරණ සංඛ්‍යාවෙන් 17%ක් කළු,ආසියානු හෝ වෙනත් සුළු ජන (BAME) පසුබිමක් සහිත පුද්ගලයෝ වෙති. (BAME – Black,Asian and minority ethnic)
ඉතා නිරවද්‍ය මූලාශ්‍රයක් ලෙස සැලකෙන 2011 ජන සංගණනය අනුව එංගලන්තයේ ජනගහනයෙන් 14.5%ක් කළු, ආසියානු හෝ වෙනත් සුළු ජන (BAME) පසුබිමක් සහිත ප්‍රජාව නියෝජනය කරයි. එහෙත් එම ජනගහන අනුපාතය මේ වන විට තවත් වර්ධනය වී තිබීම නිසැකය.
2016 වසරේදී ජාතික සංඛ්‍යාන පිළිබඳ කාර්යාලය ඇස්තමේන්තු කරන ලද ආකාරයට එම වර්ධනය 15.4% මට්ටමට ළඟා වී තිබීමට ඉඩකඩ ඇත.
එම 2016 සංඛ්‍යා ලේඛන පදනම හැටියට ගනිමින් බලන විට කොරෝනාවෛරසය හේතුවෙන් මරණයට පත් සුදු ජාතිකයන්ගේ අනුපාතය සෑම පුද්ගලයන් ලක්ෂයකට තිස් හය දෙනෙකි. ආසියානු ප්‍රභවයක් සහිත පුද්ගලයන්ගේ කොරෝනා මරණ අනුපාතය ලක්ෂයකට තිස්තුන් දෙනෙකුට මඳක් අඩු වෙයි.
කෙසේ වුව ද,මැයි පස් වන දා වන විට ජනගහනයෙන් සෑම ලක්ෂයකට කොරෝනාවෛරසයෙන් මරණයට පත්ව ඇති කළු ජාතිකයන්ගේ අනුපාතය මරණ පනස් හයක් තෙක් ඉහළ ගොස් ඇත.
ඒ අතර ම, අදාළ කාලය තුළ වෙනත් සුළු ජන පසුබිමක් සහිත කොරෝනා මරණ අනුපාතය ගත් විට එය ලක්ෂයකට පනස් නවයක් වෙයි.
එහෙත් වේල්සයේ, ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ සිදු වූ මරණ අනුපාතය ඉහත කී පරිදි ජනගහන රටාව අනුව ඉදිරිපත් කිරීම තවමත් අසීරු වී ඇත.

Related posts

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

colombotoday

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

colombotoday

ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ පිපිරීමකින් 19දෙනෙකු මරුට

colombotoday