Colombo Today Local News

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

කොරෝනා වෛරස පාලනයට මුවාවී අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඇතැයි සමගිය ජන බලවේගය සඳහන් කරයි.

ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට අද පාර්ලිමේන්තුවට හමුදාව යොදවා ඇතැයිද හිටපු කතානායකගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව එහි රැස් කිරීමට අවස්ථාවක් නොදුන් බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.

මේ වන විට රාජ්‍ය පාලනය හමුදාකරණය කර ඇති හෙයින් දැනටමත් හමුදා නිලධාරීන් තිදෙනකු රාජ්‍ය ලේකම් අමාත්‍යංශවල ලේකම්වරුන් බවට පත්කර ඇති බවට ඔහු චෝදනා කළේය.

මේ ආකාරයෙන් හමුදා පාලනයකට රට ගෙන යන බවද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

colombotoday

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ඉන්දීය මාධ්‍යත් හෙළි කරයි: අයි.එෆ්.ඊ.එස්. වාර්තාවෙන් එජාපය හෙල්ලෙයි

colombotoday

සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින 3ක් වසා දැමීමට තීරණයක්

colombotoday

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

colombotoday

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

බොරලැස්ගමුවේදී කුඩු සමග කතක් අත්අඩංගුවට

colombotoday