Colombo Today Local News

කොරෝනා භිතිකාව ඇමරිකාවටත්…. පළමු රෝගියා වොෂින්ටනයේ දී මිය යයි !

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ විසූ 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කරති.
 
මෙය ඇමෙරිකාවේ පළමු කොරෝනා රෝගී මරණය බව වාර්තා වේ.

මේ අතර අද නිව්යෝර්ක් නුවරින් පළමු රෝගියා වාර්තා වූ බව ද බලධාරීහු පවසති. රෝගියා 30 හැවිරිදි කාන්තාවකි.

කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු මිය යාමට ඉඩ ඇති නමුත්, ඇමෙරිකානු ජාතිකයන් බහුතරය බිය නොවිය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතා මාධ්‍යයට අදහස් දක්වමින්පැවසීය.
 
නිව්යෝක් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරුන් ස‍ඳහන් කළේ, නිල වශයෙන් තහවුරු කර නොගත් ආසාදිතයන් ගණනක් මේවනවිටත් සිටින බවය.
 
වොෂින්ටන් නගරවාසීන්ගෙන් 150දෙනෙකු ආසාදිතයන් බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත් අනාවරණය කළේය.
 
පසුගිය සතියක කාලය තිස්සේ ඇමෙරිකානු බලධාරීන් වයිසරය ව්‍යාප්ත වන බවට දිගින් දිගටම අනතුරු අඟවා තිබූ නමුත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා සිටියේ, වයිසරය ඇති රටවල සිට පැමිණෙන පිරිස නිවාරණ ක්‍රියාපටිපාටියකට යොමුකර අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් කලබල නොවන ලෙසය.
 
වොෂින්ටන්හි පිහිටි තාක්ෂණික විද්‍යායතනය අද සහ හෙට යන දෙදින තුළ  වසා දැමීමටත් සෞඛ්‍ය පියවර ගැනීමටත් පාලනාධිකාරිය කටයුතු කර ඇත.
 
වයිරසයෙන් මිය ගිය ගණන මේ වනවිට 3041 දක්වා ඉහළ ගොස් ඇති අතර, 88,443ක් ආසාදිත තත්වයේ පසුවෙති.

Related posts

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට විධායක මණ්ඩලයේ අනුමැතිය

colombotoday

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

Admin

අංගොඩ ලොක්කගේ ගෝලයක් වෙඩි කයි

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday