අද දහවල් අභවප්‍රාප්ත වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි. ඒ මහාචාර්යවරයාගේ අවසන් කැමැත්තට අනුවයි. ඔහුගේ අවසන් කැමැත්ත වී තිබුණේ මියගොස් පැය 6 ක් ඇතුළත දේහය වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමයි.
මෙරට සිටි සුප්‍රකට වෛද්‍යවරයෙකු මෙන්ම කලාව, සාහිත්‍යය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පෙළහර පෑ කාලෝ ෆොන්සේකා මහතා කලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.