Colombo Today Local News

කාන්තාවක් කළ පහරදීමකින් යාචකයෙක් මියයි

අනුරාධපුර, පළාත් ඉංජිනේරු කාර්යාලය අසල දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එසේ ‍ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රදේ‍ශයේ සිටි යාචකයෙකු බවට තොරතරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් සිදුකළ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු අනුරාධපුර පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Related posts

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday

රණවිරුවන්ට සැලකූ එකම රජය වත්මන් රජයයි…

colombotoday