Colombo Today Local NewsCovid 19

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා එප්පාවල , මාවතවැව, නවගම්මානය ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමිණ එහි දින කීපයක් රැදී සිටි විසිතුන් හැවිරිදි නාවික සෙබළෙකුට covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණයේදී තහවුරු වී ඇත.

නිවාඩු ලැබූ වැලිසර නාවික සෙබලුන් පිරිසකට Covid- 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැලවීමත් සමගින් අදාළ සෙබළාද වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.එහිදී එම සෙබළාට Covid -19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව සෙබළා රැදී සිටි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සියලුම නිවැසියන් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් උපදෙස් ලබා දුන්නේය.

සෙබළා ගම්මානයේ නිවෙස් කීපයක් සමග සෘජුව ඇසුරුකම් පවත්වා ඇති අතර එම නිවැසියන්ටද ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබේ.

සෙබළා නවගම්මානයේ තරුණ පිරිස් සමග දින කීපයක්ම වොලිබෝල් ක්‍රීඩාවේද නිරත වී ඇති අතර ඔහු සමග ක්‍රීඩා කළ තරුණයින් 15 කට ආසන්න සංඛ්‍යාවක් හා ඔවුන්ගේ පවුල් වල උදවියද ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් දී තිබේ.

අදාළ රෝගීයා සමග සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනාට දින 14 ක කාළයක් ස්වයං නිරෝධායනය වන ලෙසත්, කිසිදු හේතුවකට නිවෙස් වලින් පිටතට නොයන ලෙසත් උපදෙස් දී තිබේ.

Related posts

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

colombotoday

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සඳුදා සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

අගමැතිට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ ජනපති සහ ගෝඨාභයයි ? – කවුරුත් නොදන්න කතාවක් හෙළිවෙයි

colombotoday

අජිත්-විජේදාස හබය තව දුර යයි..! ඇමති විජේදාසට එරෙහිව නි.ඇමති අජිත් නැවත කට අරී

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

colombotoday

හදිසි නීතිය ඉවතට!

colombotoday