Colombo Today Local News

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම අද(04) හා හෙට (05)සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව ගෑස් මිලදී ගැනීමට පෝලිම්වල රැඳිසිටීමෙන් වළකින ලෙස එම සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

හෙට දිනයේ ගෑස් මෙට්‍රික් ටොන් 2500 ක් රැගත් නැවක් දිවයිනට සේන්දු වීමට නියමිත අතර ඉන් අනතුරුව ගෑස් බෙදා හැරීම යළි ආරම්භ කරන බව ද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.

මේ අතර,ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවක් අද(04) දිනයේ දිවයිනට පැමිණිමට නියමිත බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ එම ගෑස් තොගය සඳුදා සිට බස්නාහිර පළාතේ බෙදාහරින බවය.

Related posts

පහරදීමෙන් පසු සිංහල සිසුන් ආපසු නොයයි.. යාපනය සරසවියේ විභාග, දේශන අඩාලයි !

colombotoday

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

colombotoday

මීලග රාජ්‍ය නායකයා සහ ශ්‍රීලනිප නායකයා මහින්ද අමරවීරයි.. රටපුරා පිළිගැනීමේ උත්සව.. !

colombotoday

මීගමුවේ දැරියක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

Admin

ලාබාලතම ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාවේ නම තැබූ ලංකාවේ තනුක

colombotoday

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin