World

උ. කොරියා මිසයිල අත්හදා බැලීමෙන් ජපානය තැති ගනී

උතුරු කොරියාව ජපාන මුහුද දෙසට බැලස්ටික් මිසයිල 4ක් යොමු කර ඇති බව ජපානය පවසයි.

ඉන් මිසයිල තුනක් කිලෝ මීටර් 1,000ක් ඉහළට ගොස් ජපාන මුහුදු සීමාවේ පිහිටි විශේෂ ආර්ථික කලාපයට පතිත වී ඇතැයි, ජපාන බලධාරීහු පවසති.

මේ අතර ජපාන අග්‍රාමාත්‍ය ෂිංෂෝ අබේ පවසන්නේ, මෙය උතුරු කොරියාව මෙම ක්‍රියාව තර්ජනයක නව අදියරක්  බවයි.

දකුණු කොරියා බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, චීන දේශසීමාව ආසන්නයේ ටොන්චැන්ග්හි පිහිටි අභ්‍යවකාශ අත්හදාබැලීම් මාධ්‍යස්ථානයේ සිට උතුරු කොරියාව මෙම මිසයිල  අත්හදාබැලීම සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙලෙස අත්හදා බලා ඇත්තේ, කිනම් ආකාරයේ මිසයිල වර්ගයක් ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු ආනාවරණය වී නොමැත.


Related posts

අගමැති සටනින් ඇල්බනිස්ට ජය!

Admin

පකිස්ථානයේ කුමන්ත්‍රණය සාර්ථකයි. – ඇමරිකාවට ගැති නොවුණු අගමැති ඉම්රාන් ඛාන් නෙරපයි.

colombotoday

බෝම්බක් ගැන ලද පණිවුඩයකින් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Admin

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

Admin

ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකී

Admin

ලොව පුරා මුස්ලිම් මිලියන 50ක් ගැන බියකරු අනාවරණයක් !!

colombotoday