UncategorizedWorld

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

france poloiceපැරිස් නගරයට පසුගිය සිකුරාදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අයි.එස් ත්‍රස්ත සාමාජිකයන් සහ ත්‍රස්තවාදීන් සමග සබදතා පවත්වන ඉස්ලාම් අන්තවාදීන් සෙයා ප්‍රංශ පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. ප්‍රහාරය මෙහෙයවූ මහ මොළකරුවා වන අබ්දුල් හමීඩ් අබාවුඩ් නමැති 27 හැවිරිදි බෙල්ජියානු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදියා සොයා පැරීසියේ සෙන්ට් ඩෙනිස්හී ද මෙහෙයුම් සිදු කරමින් පවතී.

ඊයේ පෙරවරුවේ සෝදිසි මෙහෙයුම් කරමින් සිටි පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී එල්ල කල ප්‍රති ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් තිදෙනෙකු මියගොස් ඇති බවත් මරාගෙන මැරෙන බෝම්බයක් බැදගෙන පැමිණි කතක් බෝම්බය පුපුරවාගෙන මිය ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ත්‍රස්තවාදී ප්‍රහාර සියල්ලම සැලසුම් කරන්නේ සහ ත්‍රස්ත ක්‍රියා සංවිධානය කරන්නේ ඉස්ලාම් දේවස්ථාන තුළදී බවට දිගින් දිගටම තහවුරු වන බැවින් එම ස්ථාන වලද විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට ප්‍රංශ බලධාරීන් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පැරිස් ප්‍රහාරයත් සමග ඉස්ලාම් විරෝධී ආකල්ප ප්‍රංශ තුළ මෙන්ම යුරෝපය තුළත් වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය එල්ල වූ සිකුරාදා දිනයේදීම ප්‍රංශයේ උතුරුදිග වෙරළේ පිහිට ක්ලයිස් ප්‍රදේශයේ ඉස්ලාමීය සංක්‍රමණිකයන් රැදී සිටි අනවසර කදවුරු භූමියක් ගිනිබත් කර තිබුණා. එම පිරිස අනවසරයෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීම සදහා රැදී සිටි පරිසක් බවයි සදහන් වන්නේ. එමෙන්ම ස්කොට්ලන්තයේ ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයක් ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුණා.

මේ අතර පෝලන්තය, රුමේනියාව ඇතුළු යුරෝපීය රටවල් රැසක්ම තම දේශ සීමා වසා දමමින් සිරියානු සංක්‍රමණිකයන් සදහා මින් පසු ඉඩ නොදෙන බව නිවේදනය කර තිබුණු අතර ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍ය දෙකක්ද සිරියානු සංක්‍රමණිකයන් භාර‍ නොගැනීමට තීරණය කළ බව නිවේදනය කර තිබුණා.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ඇමරිකානු රිපක්බ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුනේ ඇමරිකාව පුරා ඇති මුස්ලිම් පල්ලි වසා දැමීමට කාලය එළඹ ඇති බවයි. සිරියානු සංක්‍රමණිකයන් යනු යුරෝපය හා ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීම සදහා පැමිණෙන ට්‍රෝජන් අශ්වයකු බවයි ඔහු සදහන් කර තිබුණේ.

Related posts

අසාධ්‍යයයි.. මිය ගියේ නෑ.. ජයලලිතා මියයෑමේ වාර්තා රෝහල ප්‍රතික්ෂේප කරයි

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

Admin