ඇමැතිවරුන්ගේ සහ ඇමැති කාර්ය මණ්ඩලයේ වියදම් කපා හැරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 122කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. ඒ අනුව එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය