Colombo Today Local News

ආනයනය තහනම් කල කෘෂි රසායනික සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

දිවුලපිටිය නගරය ආසන්නයේදී මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් මෙලෙස සිය භාරයට ගත් බව පොලිසිය පවසනවා.

ඒවායේ වටිනාකම රුපියල් 475,000කට ආසන්න බවත් අදාළ කෘෂි රසායනික පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැතිව මෙරටට ගෙන්වීම තහනම් කරන ලද රසායනික ද්‍රව්‍යක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 39, 45 සහ 55 වයස්වල පසුවන කොළඹ ආශ්‍රිත පදිංචිකරුවන්ය.

Related posts

“මේ තරම් බරපතල විදිහට ගහයි කියල අපි හිතුවෙ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

ගෝඨාභය ජනාධිපති වුනොත් ජාතික ආරක්ෂාව අනතුරකලු. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගෙන් දැඩි විවේචන

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

මහ හඩක් නගමින් බදුල්ලේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙළවෙයි…

colombotoday