Colombo Today Local News

අතුරුදන් වූ රණමයුර සම්මානය කඩුවෙලින් හමුවෙයි…

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය පොලීසිය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද (05) උදෑසන කොල්ලුපිටියේදී සුඛෝපභෝගී මගී බස් රථයක තිබී මෙම සම්මානය සොයාගත් බවයි.

මාර්ග අංක 177 – කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක භාණ්ඩ රඳවනයක තිබී මෙම සම්මානය හමුවී තිබෙනවා.

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් ඔහුට හිමි වූ යාවජීව ප්‍රණාම සම්මානය අතුරුදන්වීම පිළිබඳව පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පසුගිය 2 වන දා උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම සම්මානය අතුරුදන්වූ බවටයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.

Related posts

Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

colombotoday

ජෝන්, අනුර, චන්දිම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් දොට්ට…

colombotoday

කොරෝනා ආසාදනය වූ අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි

colombotoday

ජී.එල්. – ඩලස් ඇතුළු පොහොට්ටුවේ 13ක් විපක්‍ෂයට

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

දුක වාවනු බෑ.. අලුත් පරපුර මාධ්‍ය හමුවක.. ගුටි දුන් අයට සැළකුවාට ජනපතිගේ පලුවක් අරී

colombotoday