Colombo Today Local News

අගමැති රනිල් කල් මරමින් සිටි, මහ බැංකු හොරුන්ට දඩුවම් දෙන අල්ලස්, දූෂණ පනත වහා සම්මත කරන්නැයි ජනපති දන්වයි….

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සංශෝධන පනත් කෙටුම්පත ජනවාරි මාසයේදී සම්මත කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට අවධාරණය කොට ඇත.

එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය ඔක්තෝබර් 22දා පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණද එය සම්මත නොකර එදින විවාදය කල්තැබිණි. මෙම කෙටුම්පත ඉදිරිපත් කර තිබුණේ මහ බැංකු කොල්ලයේ වරදකරුවන්ට දඬුවම් දීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන සම්මත කර ගැනීමටය.

පසුගිය 18 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව එම අවස්ථාවට පැමිණ සිටි එජාප හිටපු ඇමැතිවරුන් ඇතුළු පිරිස ඇමතූ ජනාධිපතිවරයා අල්ලස් සංශෝධන පනත සම්මත නොකිරීම ගැනද දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කරමින් මෙසේ ප්‍රකාශ කර තිබිණි.

”මම මහින්ද රාජපක්ෂ මහත්තයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ ඔක්තෝබර් 26 වැනිදා. ඊට දවස් හතරකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහ බැංකු කොල්ලයේ වැරැදිකරුවන්ට දඬුවම් පැමිණවීම අවශ්‍යයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා සංශෝධන පනත වචන කිහිපයක් සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යවලා මාස 05කට වැඩිය මේක කබඩ් ඇතුළේ තිබුණා.

මම මේ ගැන අවස්ථා කිහිපයක් තලතා අතුකෝරල ඇමැතිනියට කිව්වා, එතුමිය අධිකරණ ඇමැතිනි නිසා. කිරිඇල්ල ඇමැතිතුමාට කිව්වා. කිරිඇල්ල ඇමැතිතුමාට කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් අවසානයේ දින නියමයක් නැතිව එම සංශෝධනය කල් දැම්මා.

දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15කට 20කටවත් මේ බිලියන දාහකට වැඩියි කියන මහ කොල්ලයේ පරීක්ෂණය කෙරෙන්නේ නැහැ. වැරැදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. මුදල් අය කර ගැනීමට හැකි වන්නේ නැහැ. මේ ප්‍රශ්නය අදත් බරපතළයි.”

අල්ලස් පනත දසක තුනකට වඩා පැරැණි බවත් එම නිසාම කොමිසමෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බවටත් වසර ගණනාවක් තිස්සේම විවිධ පාර්ශ්ව වෙතින් මැසිවිලි නැඟෙමින් ඇත.

(මව්බිම)

Related posts

චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ඨයි.. ඔහුගැන රජයේ ක්‍රියා පිළිකුල් – NUTA

colombotoday

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

colombotoday

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

හෙළයේ මහා ගාණ්ධර්වයන්ගේ අවසන් කටයුතු: සජීවී විකාශය

colombotoday

මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

2015 ජනවාරි 9 සිට මේ දක්වා කොටස් වෙළෙඳපොළ බිදවැටීම බිලියන 600යි

colombotoday