Colombo Today Local News

‘‘මහජන ආරක්ෂක ඇමැති’’ නව කැබිනට් තනතුරට රියර් අද්මිරාල් සරත් වීරසේකර ?

පොලිස් සේවය නගා සිටුවීම, ග්‍රාමීය ප්‍රජා ආරක්ෂාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ‘‘මහජන ආරක්ෂක ඇමැති’’ ලෙසින් නව කැබිනට් තනතුරකට රියර් අද්මිරාල් සරත් වීරසේකර පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම කැබිනට් ධුරය සඳහා දෙපාර්තමේන්තු හා ආයතන හතරක් වෙන් කර නව විෂය පථයක් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බහුකාර්ය සංවර්ධන කාර්යාසාධක බළකා දෙපාර්තමේන්තුව සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මේ යටතේ නව කැබිනට් ඇමැතිවරයාට පවරා ඇත.

මීට පෙර මෙම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතට ගැනුනේය. එහි රාජ්‍ය ඇමැතිවරයා ලෙස චමල් රාජපක්ෂ කටයුතු කළේය. නව ගැසට් පත්‍රය අනුව ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු ආයතන දහයක් වෙන් කර තිබේ. මීට අමතරව තාක්ෂණ අමාත්‍යාංශය නමින්ද අලුත් අමාත්‍යාංශයක් පිහිටුවා ඊට තොරතුරු තාක්ෂණයට අයත් ආයතනයන්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන දහයක් ඇතුළත් කර තිබේ.

Related posts

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

colombotoday

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

colombotoday

මහින්දට සභාපතිකම දෙනතුරු ශ්‍රීලනිපයෙන් නාමයෝජනා එපා! හිටපු පුංචි මන්ත්‍රීන් 1400ක් දැඩි තීරණයක

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

colombotoday

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday