Colombo Today Local News

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

මහජන නියෝජිතයන් 225 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කිරීමට නියමිත රුපියල් කෝටි සියයක මුදලින් නිවාස නොමැති පවුල් 2000ක් සඳහා නිවාස ඉදිකර දිය හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එවැනි විශාල මුදලක් යෙදවීම අත්‍යවශ්‍ය නොවන බවත් ජනතාව මහජන නියෝජිතයන් පත් කළේ ජනතා ගැටලු විසඳමට මිස දේශපාලඥයන්ට සැප විදීමට නොවන බවත් ඇමැතිවරයා කීවේය.

‘මේ සදහා වැය වන මුදල කෝටි සියයක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ දස දහසක්. ඒ මුදල් මගේ අමාත්‍යංශයට ලැබුණා නම් මට නිවාස 25කින් යුතු ගම්මාන ඉදිකරන්නේ නම් ගම්මාන 80ක් දිවයින පුරා ඉදිකරන්න පුළුවන්. නිවාස 2000ක් ඉදිකරන්න පුළුවන්.‘

Related posts

මහනුවර ගැටුමෙන් මියගිය දෙදෙනාගේ නිවෙස් වෙත රවී යයි.. මන්ත්‍රී වැටුපෙන් මුදල් පරිත්‍යාග කරයි

colombotoday

අපිට ආණ්ඩු කරන එක මහ කජ්ජක් නෙමෙයි

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිටී

colombotoday

කොවිඩ්-19 මට්ටු කරන්න අපිටත් අවස්ථාව දෙන්න.| ලග්ගල දේශීය වෙදැදුරෝ ජනපතිගෙන් ඉල්ලති

colombotoday

“හමුදා ප්‍රකාශකගේ පැහැදිලි කිරීම හාස්‍යජනකයි” – ගම්මන්පිල

colombotoday

නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට

colombotoday