Colombo Today Local News

සතුන් ඝාතනය කිරීමට හොඳම තැන පල්ලියයි. | මුස්ලිම් පල්ලි තුල සමූහ සත්ව ඝාතන තහනම ගැන හිටපු වකුෆ් ලොක්කා කියයි.

එළඹෙන හජ් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි තුළ කුර්බානි සතුන් ඝාතනය කිරීම තහනම් කිරීම පිළිබඳව වක්ෆ් සභාවේ හිටපු සභාපති සහ ජාතික හජ් කමිටුවේ වත්මන් සභාපති අහ්කම් උවයිස් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සතුන් ඝාතනය කිරීම සඳහා හොඳම ස්ථානය පල්ලිය බැවින් බලධාරීන් වහාම තහනම ඉවත් කළ යුතු බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

කිසිදු මුස්ලිම් පල්ලියක් තුල කුර්බානි සත්ව ඝාතනය සිදු කිරීම සඳහා අවසර නොදීමට ශ්‍රී ලංකා වක්ෆ් මණ්ඩලය ගත් තීරණය පසුගිය 13 වනදා ප්‍රකාශයට පත්කරන ලදි.

ඒ අනුව, කිසිදු මුස්ලිම් පල්ලියක් තුළ කුර්බානි සත්ව ඝාතනය සිදු කිරීමට අවසර නොදෙන ලෙස සියලුම මුස්ලිම් පල්ලි භාරකරුවන්ට නියම කර ඇත.

වක්ෆ්ස් සභාව වෙනුවෙන් එහි අධ්‍යක්ෂක A.B.M. අෂ්රෆ් මහතා විසින් මෙම නියෝගය සියලුම පල්ලි වෙත දන්වා යවා ඇත.

Related posts

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

colombotoday

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

අක්කරයිපත්තු වාහාබි වාදීන් දේශපාලන අස්ථාවරත්වය ප්‍රයෝජනයට ගනිමින් එලි බසිති. – සෞදි අරාබි දිනයට රමළාන් සමරති.

colombotoday