Colombo Today Local News

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් කැඳවයි

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීමට තීරණය කර ඇත.

ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් / යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැ.පෙ. 504, කොළඹ යන ලිපිනයට තැපැල් මගින් 2021 නොවැම්බර් 30 ට පෙර ලබා දිය හැකි බව එම කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කර සිටිති.

Related posts

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි

colombotoday

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

ඥාණසාර හිමි සොයා පොලීසිය රට පීරයි.. හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි හකීම් කියයි

colombotoday

පාලිත තෙවරප්පෙරුම පිහියක් අරන් පාර්ලිමේන්තුවේ යකා නැටූ හැටි මෙන්න…

colombotoday