Colombo Today Local News

වී තොගයක් තුට්ටු දෙකට හිතවතුන්ට දීලා.. කෝටි 400ක් රජයට පාඩුයි – පී හැරිසන්ට එරෙහිව FCIDයට පැමිණිල්ලක්

ගොවීන්ගෙන් පසුගිය කන්නයේදී මිල දී ගත් වී මෙටි්‍රක්‌ ටොන් 234800 ක්‌ සහල් කිරීම සඳහා අඩු මිලකට හිතවත් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දීමෙන් රජයට රුපියල් කෝටි 400 ක පාඩුවක්‌ කර ඇතැයි චෝදනා කරමින් සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනය විෂයභාර ඇමැති පී. හැරිසන් මහතාට සහ වී අලෙවි මණ්‌ඩලයට එරෙහිව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

මෙම පැමිණිල්ල මෙම 09 වැනිදා (අඟහරුවාදා) මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට ඉදිරිපත් කරන අතර ඒ සඳහා එක්‌සත් සහල් නිපදවන්නන්ගේ සංගමයද එක්‌වේ.

ආණ්‌ඩුව පසුගිය කන්නයේදී වී මෙටි්‍රක්‌ ටොන් 234800 ක්‌ ගොවීන්ගෙන් මිලට ගෙන ඇති අතර, ඒ වී කිලෝවක්‌ රුපියල් 45 ක මිලකට බව සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා. ඊට අමතරව ඒ සඳහා මෙහෙයුම් ගාස්‌තු ලෙස ආණ්‌ඩුව වී කිලෝවකට රුපියල් 3 ක අමතර මුදලක්‌ ද වැය කර තිබේ. ඒ අනුව ආණ්‌ඩුව ඉහත වී තොගය සඳහා කිලෝවකට රුපියල් 48 ක්‌ වැය කර ඇතැයි කරුණාරත්න මහතා කීවේය.

මෙම වී සහල් කිරීම සඳහා සාධාරණ මිලක්‌ යටතේ තමන්ට ලබා දෙන ලෙස කුඩා මෝල් හිමියන් ආණ්‌ඩුවෙන් ඉල්ලා ඇතත් ඊට එකඟ නොවූ ආණ්‌ඩුව පසුව කිලෝවක්‌ රුපියල් 35 ක මිලකට තම හිතවත් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දී ඇතැයි ද කරුණාරත්න මහතා කීවේය.

මේ නිසා ආණ්‌ඩුවට රුපියල් මිලියන 4000 කට (කෝටි හාරසියයකට) අධික මුදලක්‌ අඩු වී ඇතැයි පවසන නාමල් කරුණාරත්න මහතා ඒ සම්බන්ධව මෙම 09 වැනිදා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පැමිණිලි කරන බව කීය.

– දිවයින

Related posts

දූෂණ චෝදනා එල්ලවූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනපති කැන්සල් කරයි…

colombotoday

හෝටලයකට පැන වේටර්ට තඩි බෑ නි.ඇමති තෙවරප්පෙරුමට ආපන ශාලා හිමි සංගමයේ විරෝධය

colombotoday

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

තෙල්දෙණියේ සිදුවීමට අසාධාරණ ලෙස සිරගත කර සිටින සිංහලයන්ට ඇප ලබා ගැනීමට මැදිහත් වෙන්න – ඥානසාර හිමි මහනායක හිමිගෙන් ඉල්ලයි

colombotoday

“අලි රොෂාන්” ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

colombotoday

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ මෙන්න.

colombotoday