Colombo Today Local News

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

“එකතුවෙලා ඉන්න සමහරුන් එක්ක මේ ගමන යන්න බැහැ. මේ නිසා ලබන වෙසක් පොහොයෙන් පස්සෙ අලුත් ජාතික ව්‍යාපාරයක් පටන් ගන්නවා…..” යැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

ලංකාදීප පුවත්පත සමග අදහස් දක්වමින් නව ජාතික ව්‍යාපාරය හරහා ජනතාව අවදි කරන අලුත් ගමනක් අරඹන බවද උන්වහන්සේ කියා සිටිති.

‘මේ ජාතික ව්‍යාපාරය හදන්නේ අපි කලින් නිර්මාණය කරපු ජාතික සභාව රටපුරා යන තැනකට පුළුල් කරමින් රටට අවංකවම ආදරය කරන දේශමාමක පිරිස් එකතු කරගෙන ජනතාව පෙළගස්වන පුළුල් දේශහිතෛෂී ගමනක් මේ ව්‍යාපාරය හරහා අරඹනවා.

රටේ යහපත් සංස්කෘතියක් හා තිරසර සංවර්ධනයක් ඇති කිරීම අපේ එකම බලාපොරොත්තුවයි. රටේ ගහ කොළ පරිසරය, ඉඩම් ටික ස්වාභාවික සම්පත්, මධ්‍යම කඳුකරය රැක ගන්න නව චින්තන දහරාවක් ඇති කරන තුරු අද සිදුවන මහා පරිසර විනාශය වළක්වන්න බැහැ. අද අප සමග එකතුවෙලා ඉන්න සමහරුන් සමග මේ ගමන යන්න බැහැ. රට ගැන අවංක ආදරයක් තියෙන පිරිස්මේ ගමනට එකතු කරගන්න සිදුවෙලා තියෙන්නේ ඒ නිසයි. අපි මේවා කරන්නේ අවංක හා පරම පවිත්‍ර චේතනාවෙන් බව කියන්න ඕනා යැයි ද රතන හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

Related posts

ආණමඩුවේ තරුණයාට තුන්වෙනි වරටත් කොරෝනා හැදුනේ කොහොමද?

colombotoday

ප්‍රකෝටිපතියන් ඇන්දූ තිළිණි සමග DIG අජිත් රෝහණගේ පින්තූර සමාජ ජාලා කලබයි

colombotoday

ජනපති නියෝගයෙන් ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්ෂාව නවතියි

Admin

රන්ජන් රාමනායකට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉතිහාස ගත වන නඩුවක් වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියයි

colombotoday

“උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ“ – FCID ඉදිරිපිට විරෝධතා

colombotoday

පාර්ලිමේන්තුව රැස්වීමෙන් ඇති ඵලය කුමක්ද? – රත්නසේකර අමාත්‍යධුරයෙන් ඉවත්වෙයි

colombotoday