Colombo Today Local News

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වසරකට වැඩි කාලයක් අහිම් කරලා. | ලංකා ගුරුසංගමය මානව හිමිකම් කොම්සමට පැමිණිලි කරයි.

කොරොනා වසංගත තත්වය හමුවේ මෙරට පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වසරකට වැඩි කාලයක් අහිම් කිරිම යටතේ ලංකා ගුරුසංගමය මානව හිමිකම් කොම්සමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙරට පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වසරකට වැඩි කාලයක් අහිම් කිරිම සම්බන්ධයෙන් (1) ඊයේ දින ශ්‍රි ලංකා මානව හිමිකම් කොම්සමේ මහනුවර කාර්යාලය වෙත ලංකා ගුරු සංගමයේ මහනුවර සභාපති ඩබ්ලිව් . ඒ සි කේ වීරසිංහ, ලේකම් කේ. එම් ආර් ච්‍ත්‍රානන්ද ඇතුලු නියොජිතයින් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලදි.

කොරොනා වසංගත තත්වය හමුවේ වසා දැමු පාසල් පද්ධිතය තුල අධයාපනය ලබමින් සිටි පාසල් ළමුන්ට අධයාපනය ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය හදුන්වා දුන් විකල්ප ක්‍රියාවලිය ලෙසින් මාර්ග ගත (online) අධයාපනය ක්‍රියාත්මක කිරිම පමණක් බවත් ඒය සාර්ථකව ක්‍රියාත්මක වන බව පෙන්වීමට බලධාරින් උත්සහ කරමින් සිටන නමුත් එය අසාර්ථික ක්‍රිය වලියක් බවත් ගුරු සංගමය පවසයි.

ඒ අනුව මෙරට ශිෂ්‍ය ප්‍රජාවට නිදහස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය උල්ලංඝනය වන බවත් 1989 නොවැම්බර් 20 දින එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය විසින් අනුම කල ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 28 ව්‍යවස්ථාවේ 1. 2. 3 අනුවගන්ති උල්ලංඝනය කිරිමක් ද ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන පරිච්ජේදයේ සදහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම යටතේ මානව හිමිකම් කොම්සමේ මැදිහත් වීම සිදු කරන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඒ යටතේ ලංකා ගුරු සංගමය මානව හිමිකම් කොම්ෂන් සභාවෙන් පහත කරුණු යටතේ මැදිහත්වන ලෙස ඉල්ලා සිටි.

  1. අධ්‍යාපන අමාතයංශය , රජය මුල්වී ක්‍රියාත්මක කරන මාර්ගගත අධ්‍යාපන ක්‍රමය වෙනුවට සියලු පාර්ෂවයන්ට සම්බන්ධ විය හැකි ඵලදායි අධයාපන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට නිර්දේශකරන ලෙසත්,
  2. මෙරට ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ශිෂ්‍ය ප්‍රජාව හා ඔවුන්ගේ දෙමාපියන් පීඩාවට පත්කරන මාරගගත අධයාපන ක්‍රමය ක්‍රියාත්මක කිරිමට බලකීරිම් නොකිරීමට නිර්දේශ කීරිම,
  3. අධ්‍යාපන විෂමතාවයන් නිරිමාණය කරමින් මෙසේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ප්‍රවර්ධනය කිරිම වෙනු වට සියලු දෙනාටම ග්‍රහණය කලහැකි විකල්ප දුරස්ත අධයාපන ක්‍රමයක් ක්‍රියාත්මක කීරිමට නිර්දේශ කරනලෙසත්,
  4. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 28 – 1 වගන්තියේ සදහන් සම අධයාපන අවස්ථා ලබාදීම නිර්දේශ කරන ලෙසත්,

1996 අංක 21 දරණ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් පනතේ 11වන කොටෙසේ 12. 13 .14 .15 . වගන්ති යටතේ පැවරි ඇති බලතල ප්‍රකාරව මැදිහත්වන ලෙසත් අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙසත් ගුරු සංගමය ඉල්ලා සිටියි.

මෙම කරුණු පදනම් කරගෙන දිවයින පුරාම ඇති මානව හිමිකම් කොම්ෂන් සභා කාර්යාල වෙත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොෂප් ස්ටාලින් මහත්මා ප්‍රමුඛ ලංකා ගුරු සංඝමයේ දිස්ත්‍රික් සංවිධාන කටයුතු කරන බව මහනුවර සංවිධානයේ සභාපති ඩබ්.ඒ. සී. කේ. වීරසිංහ මහතා පැවසීය.

මහින්ද උදයසිරි දඹුල්ල

Related posts

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

අද රටම මිලිටරිකරණය කරලා… හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න !

colombotoday

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

නුවරඑළිය ලෝවර් ඩිවිශන් වත්තේ නිවාස 20ක් ගිනිගනී

Admin

රාජසභා මණ්ඩපය ඩෝසර් කල නගරාධිපතිගේ උපන්දිනයට පොලිස් අධිකාරී කේක් ගෙනත්. කට්ටියම කේක් කපා උපන්දිනය සමරලා.

colombotoday

“ව්‍යවස්ථාවෙන් සුළු ජාතික උවමනා ඉටුකළොත්, යුද අපරාධ චෝදනා ඉවත්කරගන්නවා“ – බටහිර රටවල් දන්වයි

colombotoday