Colombo Today Local News

මේ අවස්ථාවේ දේශපාලන වාසි ගන්න දෙන්න එපා. හේතුව මුලිනුපුටා දමා ඵලය දෙස බලන්න – ඥානසාර හිමි

රටේ උද්ගතව ඇති තත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමෙන් වැළකී මෙම තත්ත්වයට මුල්වූ හේතු මුලිනුපුටා දැමීම සඳහා රටේ දේශපාලන නායකත්වය කටයුතු කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

ඊයේ (10) පෙරවරුවේ නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාරයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

2017 වසරේ රාජගිරිය උන්වහන්සේගේ විහාරස්ථානය ඉදිරිපිට විහාරස්ථානයේ කටයුතුවලට බාදා වෙන අයුරින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඥානසාර හිමි පවසා ඇත. පසුව පොලිසිය විසින් තමන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා ඇත.

Related posts

පුදුකුඩිඉරිප්පුහි වෙඩි තැබීමක්

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවෙකුට දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Admin

මහනුවර යළිත් උණුසුම් – දැනුම්දෙන තුරු යළිත් ඇදිරි නීතිය

colombotoday

ට්‍රැක්ටරයක් පෙරලී හමුදා නිළධාරීන් 7කට තුවාල

Admin

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

colombotoday