Colombo Today Local News

මහින්ද ආරක්ෂක මණ්ඩලයේ නිදි කිර කිර හිටිය විතරයි.. යුද්ධය කර දිනුවේ අපියි -ෆොන්සේකා

යුද්ධය නිමා කිරීම සදහා විධායක ජනාධිපති ධුරයෙන් වැඩක් නොවූ බවත්, යුද ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ සේවයක් නොවූ බවටත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කරන ලද ප්‍රකාශය සත්‍ය බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද සමයේදී සිදුකළේ ආරක්ෂක මණ්ඩලයේදී නිදි කිරමින් සිටීම පමණක් බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

යුද්දය ඉදිරියට පවත්වාගෙන යන ලෙස මෙරට පත්වූ සෑම ජනාධිපතිවරයෙක්ම ලබා දුන් බවත් එය වචන දෙකක ඉදිරිපත් කිරීමක් බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාද කළේ කොළඹට වී සුදු වෑන්, පැහැර ගැනීම් ආදිය බවත්, උතුරු නැගෙනහිරට යෑම සදහා ඔහු තමන් සමග පැමිණියේ අවස්ථා දෙකකදී පමණක් බවද ෆොන්සේකා මහති කියා සිටියෙය.

Related posts

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

රාජිත නිදොස්කොට නිදහස්

Admin

අද පාර්ලිමේන්තු යනවාද? නැද්ද? – ආණ්ඩු පක්ෂයේ අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසුව…

colombotoday

ගෝඨා පාවා දී නිදහස් වෙන්නැයි CIDය බලකරලා.. සිරගත බුද්ධි සෙබළාගේ බිරිද රටට හෙළිකරයි

colombotoday

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

colombotoday