Colombo Today Local News

Facebook සාදයක් වටලයි.. 17 හැවිරිදි ගැබිනියක් හා ආබාධිත පුද්ගලයෙකුත් අත්අඩංගුවේ

මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09)දින සවස 4.30ට පමණ බැල්ලන්තුඩාව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොත මඟින් සංවිධානය කළ මෙම සාදය නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවත්වමින් තිබිය දී කළුතර දිසා දුෂණ වැටලීම් ඒකකය විසින් වටලා තිබිණි.

එහිදී හෝටල් හිමිකරු, සැකකරුවන් 14 දෙනෙක් හා සැකකාරියන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා සැකකාරියන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 465ක්, ගංජා ග්‍රෑම් 13ක් සහ මත්පෙති 5ක් පොලිස් බාරයට ගැණිනි.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ මිල්ලනිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර අවුරුදු 60, 17, 18, 19, 20, 23 හා 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව හා හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සාදයට සහභාගීවුවන් අතර, 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද වෙන බව වාර්තා වේ.

මෙම සාදය පැවැත් වීමට සඳහා රුපියල් 5000ක ඇතුළත් වීමේ ගාස්තුවක් ද අය කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වී තිබේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද (10)දින හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

හමුදාපති හමුවීමට පවා බිය දැනේ – මැතිවරණ කොමිසමේ රැස්වීමට පෙර යළිත් ලිපියක් ලියමින් මහාචාර්ය හූල් කියයි

colombotoday

මාස එකහමාරේ බිලිඳිය රෝහලේ දමා මව පැන ගිහින් | මඩකලපුව පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

සනත් නිශාන්තට සිතාසි

colombotoday

සංහිදියාව උපරිමයි.. වාකනේරියේ පන්සල වනසා ඉඩමත් අල්ලලා.. නැගෙනහිර සිංහලයන්ටත් යනඑන මං නෑ !

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin