Colombo Today Local News

දෙහිවල සත්වෝද්‍යානයේ ඔරං ඔටං සහ චිම්පන්සින්ටත් කොරෝනා

දෙහිවල සත්වෝද්‍යානයෙන් තවත් සතුන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

ඔරං ඔටං සතුන් දෙදෙනෙකු ට සහ චිම්පන්සි සතුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව විමලවීර දිසානායක මහතා පැවසීය.

පසුගිය දා දකුණු කොරියාවේ සෝල් නුවර සිට මෙරටට ගෙන එන ලද “තෝර්” නැමති සිංහයා ට කොවිඩ් ආසාදනය වී තිබුණි.

පසුව සිදුකළ පරීක්ෂණවල දී එම සිංහයා සමඟ කුඩුවේ සිටි සිංහ ධේනුවට ද කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැණුනි.

Related posts

ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කරයි

colombotoday

කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම මෙතෙක් සහයෝගය ලැබී නැහැ

Admin

අමරවීර-දුමින්ද මහලේකම් ධුරවලින් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

colombotoday