Colombo Today Local News

කොවිඩ්-19 මට්ටු කරන්න අපිටත් අවස්ථාව දෙන්න.| ලග්ගල දේශීය වෙදැදුරෝ ජනපතිගෙන් ඉල්ලති

කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා දේශීය වෙදකම තුළ ප්‍රමාණවත් ප්‍රතිකාර ක්‍රම පවතින බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ රාජ්‍ය අනුග්‍රහය පමණක් බවත් මාතලේ – ලග්ගල පාරම්පරික දේශීය වෛද්‍යවරු පවසා සිටිති. වසර පන්දහසක ඈත ඉතිහාසයක සිට තමන් පැවත එන බව කියනා ලග්ගල පාරම්පරික වෙදැදුරන් අවධාරණය කරන්නේ විස්මිත ප්‍රතිඑල ගෙන දෙන ප්‍රතිකාර ක්‍රම රැසක් සිය වෙද පරම්පරාවල පවතින බවයි.

ලග්ගල රණමුරේ පාරම්පරික දේශීය වෛද්‍යවරයකු වන බී. ජී. සාලියදාස මහතා (සර්වාංග, භූත වෛද්‍ය හා ස්නායු) කියා සිටියේ පවත්නා කොවිඩ් – 19 වයිරස් තත්ත්වය සිංහල වෙදකමේදී ‘කෝල’ ලෙස හඳුන්වන බවයි. මේ තත්ත්වයේ ප්‍රභේද රැසක් පවතින බවත් ඒවා සුව කිරීම සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම සිංහල වෛද්‍ය ක්‍රමයේ පවතින බවත් ඒ මහතා කීය.

සාලියදාස වෙදමහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අද වෙනකොට මේ සේරම ප්‍රතිකාර ක්‍රම උඩු යටිකුරු වෙලා තියෙන්නේ. මේ වෙදකම්වලට අවශ්‍ය ඖෂධ ශාක ටිකවත් අපිට දෙන්න කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙනකොට ඖෂධ බොහෝමයක් අපේ පොළොවෙන් වඳ වෙලා යනවා. මේවා ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් නෑ. අනිත් එක තමයි අපේ පරිසරයේ තිබ්බ ගොඩක් ඖෂධ පැළැටි වඳ වුණේ කෘෂි රසායන හින්දා. ඉතින් මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා පාරම්පරික ඖෂධ වර්ග ආරක්ෂා කරලා දෙන වැඩපිළිවෙළක් සකසා දෙන මෙන් ඉල්ලා සිටිනවා. නැතිනම් තව ඉදිරියට මේ වෛද්‍ය ක්‍රම කාටවත් දැකගන්නවත් බැරිවෙයි. වසර ගණනාවක් පැරැණි පරම්පරාවල ප්‍රතිකාර ක්‍රම සඳහා අවශ්‍ය සහයෝගය දෙන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ තුළින් දැනට ගෝලීය වසංගතයක් වී ඇති කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමනය කළ හැකියි.”

Related posts

පැය 4ක් CID යේ සිටි රන්ජන් රාමනායක පිටවයයි

colombotoday

LTTE මූල්‍ය ජාලය තවමත් සක්‍රීයයි.. ඩයස්පොරා තහනම රජය ඉවත්කරද්දී අමෙරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

පන්සල් හදන්න සල්ලි දුන්නෙ කාගෙ උවමනාවටද අහනවා.. ඔන්න අද රටේ තත්වය

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

අනාගමික රාජ්‍ය ව්‍යවස්ථාවට එරෙහි වූ කාදිනල්වරයාට කතෝලික සභාවෙන් ප්‍රහාරයක් !

colombotoday

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

colombotoday