Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

අත්අඩංගුවේ පසුවන රණවිරුවන්ට ඇප ලබාදිය හැකි දැයි විමසූ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර දහනවයක සිරදඬුවම් පැමිණවීම ගැන සංඝාධිකරණයක් පිහිටුවා නැවත විමර්ශනයක් කරන ලෙස බොදුබල සේනා සංවිධානය මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

අන්‍යආගම්කරණයට, පුරාවස්තු විනාශයට, හලාල්කරණයට සහ මුස්ලිම් අන්තවාදයට, විල්පත්තුව වන විනාශයට, මත් උවදුරට සහ රණවිරුවන් දඩයමට එරෙහිව දශක දෙකකට අධික කාලයක් හඬනැඟු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර දහනවයක සිරදඬුවම් ලබාදී ඇත්තේ අසාධාරණ ලෙස සහ පදනම් විරහිත චෝදනා මත බව උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය භික්‍ෂුව වන වීරකැටියේ දයාසීහ හිමියෝ පවසති.

දයාසීහ හිමියන් මෙසේ පැවැසුවේ රාජගිරිය – නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ එම සංවිධානය විසින් පෙරේදා (20දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

රට ජාතිය ආගමට සිදුවන අකටයුතුකම් පිළිබඳව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැඟූ හඬට ආණ්ඩුවෙන් පිළිතුරක් හෝ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් අවසානයේදී ඔවුන් කළේ උන්වහන්සේව නිහඬ කරවීම බවත් දයාසීහ හිමියෝ කියා සිටිති. ඥානසාර හිමියන් කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට වැඩ නොකළ බවද පසුගිය සමයේ උන්වහන්සේට එරෙහිව සතියකට නඩු දෙක තුන එකවර විභාගයට ගත් අතර නඩු ගාස්තු ගෙවීමට උන්වහන්සේට දසඅතේ ණය වීමට සිදුවූ බවද දයාසීහ හිමියෝ එහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

බහුතරය පිළිගන්නා නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුගෙන් ජනපතිට ලිපියක්

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

colombotoday

උඩුවේ හිමි නිදහස් කිරීමට නීතිපති එරෙහි වෙයි… තීන්දුවට එරෙහිව ඇපෑලක්…

colombotoday

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

සමහර විට නිල නිවෙසක් උවමනා වෙයි-මාලිමා මංත්‍රිනී

Admin