Colombo Today Local News

පොහොය වෙනුවෙන් සති අන්තයේ අනුරාධපුරේ එන්න එපා. | උතුරු මැද ආණ්ඩුකාර දැනුම් දෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාත තුළ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, එළඹෙන සති අන්තයේ සහ පොහොය දින අනුරාධපුර අටමස්ථානය සහ පොලොන්නරුවේ සිද්ධස්ථාන වැදපුදා ගැනීම සඳහා පැමිණීමෙන් වලකින ලෙස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා දැනුම් දුන්නේය.

පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, අනුරාධපුර අතිරේක දිසාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්, රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීමෙන් අනතුරුව, උන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සිද්ධස්ථානවල බැතිමතුන් සීමා කිරීමට මෙසේ පියවර ගත් බවද ආණ්ඩුකාරවරයා පවසයි.

Related posts

දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික‍්‍රමසිංහයි, කෝප් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි

colombotoday

අපි ඩුබායි යද්දී රාජපක්ෂල සල්ලි වෙන තැනක හංගලා

Admin

රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?

colombotoday

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday

කිලිනොච්චි, පරවිපරච්චාන් හමුදා කදවුර සති දෙකක් ඇතුළත ගලවා ඉවත් කරයි !

colombotoday

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව සම්මතයි

colombotoday