Colombo Today Local News

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

වියළි මිදි ඇසුරුම් අතර සඟවා මෙරටට ආනයනය කරන ලද රුපියල් එක්කෝටි හැත්තෑ හතර ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු වියළි කහ තොගයක් සිය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා කීවේය.

මෙම වියළි කහ ප්‍රමාණය කිලෝග්‍රෑම් විසි හත්දහස් නමසිය හතළිස් පහකි. (27,945).

වියළි මිදි බවට රේගුවට ලේඛන ඉදිරිපත් කර ඉන්දියාවේ සිට මෙරටට බහාලුම් හතරක් ආනයනය කර තිබූ අතර, එම බහාලුම් ඔරුගොඩවත්ත ආර්.සී.ටී. රේගු අංගණයේදී ඉකුත් 21 වැනිදා සිට පරීක්ෂාවට ලක් කෙරිණි.

කොළඹ 12, පරණ යොන් වීදියේ පෞද්ගලික ආයතනයක් විසින් මෙම වියළි මිදි බහලුම් මෙරටට ආනයනයකර තිබුණි.

මෙම වියළි කහ තොගය වියළි මිදි හිස් ඇසුරුම් තුළ බහා මෙරටට ආනයනය කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අදාළ සමාගම විසින් රේගුවට ප්‍රකාශ කර ඇත්තේ බහාලුම් හතරේ වියළි මිදි කිලෝග්‍රෑම් අසු දහසක් තිබෙන බවය. නමුත් අදාළ බහලුම් තුළ තිබූ වියළි මිදි ප්‍රමාණය කිලෝග්‍රෑම් 47,300කි.

Related posts

ජනාධිපති ගෝඨාභය රැගත් ගුවන් යානය සිංගප්පූරුවට

colombotoday

ජවිපෙ නායක අනුර දිසානායක‍ගේ අයර්ලන්ත සවාරියේ තවත් රහස් එළියට.. වීඩියෝව මෙන්න

colombotoday

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

colombotoday

2024 පළමු පාසල් වාරය පිලිබද තීරණයක්

Admin

විදුලි බලාගාර වලට නැප්තා ලීටර ලක්‍ෂ 12 ක්

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday