Colombo Today Local News

පොලිස් මූලස්ථානයෙන් සියලුම ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවුඩයක්

පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ, යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය.

මේ අතර පොලිස් ස්ථානවල භාවිත කරන තොරතුරු පොත් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් භාවිත කිරීම සීමාකරන ලෙසය. එහිදී උපසේවක නිලධාරියා විසින් පමණක් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා තොරතුරු පොතෙහි සටහන් යෙදිය යුතු බවට ඉන් දැනුම් දී තිබේ.

කොවිඩ් -19 ව්‍යාප්ති වැළැක්වීමේ පියවරක් ලෙස එම තීරණය ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය විමර්ශන කටයුත්තක දී හැරෙන්නට අනෙක් සෑම අවස්ථාවකදීම පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් විසින් පමණක් භාවිත කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

වේදෙනිගම විමලතිස්ස හිමි නීතිඥවරු පසුපස යති. දේශද්‍රෝහී ක්‍රියාවලට සම්බන්දවිය නොහැකියි. දේශහිතෙෂි නීතිඥවරු පන්නා දමයි

colombotoday

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

colombotoday

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Admin

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

මානසික රෝගය නිසා පෙම නැවතූ සරසවි සිසුවිය මැරූ හැටි සිසුවා වමාරයි

Admin