Covid 19

මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දින වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවෙන් ඉකුත් 24 පැයේ කොවිඩ් ආසාදිතයින් 997 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ.

එය මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ද සැලකේ.

මේ වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 102,376ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 94,577 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.

ආසාදිතයින් 7,152 දෙනෙක් මේ වන විටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ වන විට ‍ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 647 කි.

Related posts

දිවයිනපුරා සියලු පාසල් 30 වැනිදා දක්වා වසා දමයි

colombotoday

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 782ක්

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday