Colombo Today Local News

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

saudiසවුදි අරාබියේ ගල්ගසා මරා දැමීමට නියම වී සිටි කාන්තාවට ලැබී තිබූ දඬුවම ලිහිල් කරගැනීම යහපත් වුවත්, තවත් නව දෙනෙකු මේ වන විට මැදපෙරදිග රටවල මරණ දඬුවම නියම වී සිටින බව විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සංවේදී මිනිස්සු’ සාමූහික පවසයි.

මෙසේ මරා දැමීමට නියමිත අයගෙන් දෙදෙනකු කාන්තාවන් බවද පැවසේ.

සිවිල් ක්‍රියාකාරිකයන්ගෙන් සමන්විත එම සාමූහිකය වෙනුවෙන් අදහස් දක්වමින් කුමාරි කුමාරගමගේ පැවසුවේ සවුදි අරාබිය තුළ ගල් ගසා මරා දැමීම දඬුවමක් ලෙස පැවතුණ නමුත්, පසුගිය වසර නවයක කාලය තුළ එය ක්‍රියාත්මක කර නොමැති නිසා මෙම කාන්තාව බේරාගැනීම කළ හැකිව තිබුණු දෙයක් බවයි.

එසේම, ආණ්ඩුව මැදිහත්වී ඇයගේ ජීවිතය බේරාගැනීම පිළිබඳව සතුටු වන නමුත් නව දෙනෙකු මරණ දඬුවම නියම වී සිටීමත්, තුන්සීයකට වැඩි ඇතැම් විට හයසීය ද ඉක්මවා යන පිරිසක් නීති සහයෝගයක් නොමැතිව සවුදියේ සිරගෙවල්වල සිටීමත් නොසලකා හැරිය නොහැකි බවද කියා සිටියාය.

ආණ්ඩුව විසින් විදේශගත ශ්‍රමිකයන්ට නීති ආධාර ලබා දීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

අරාබි රටවල අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයන් හයසීයක් සහ මරණ දඬුවම නියම වූ නවදෙනා සම්බන්ධයෙන් ඉදිරියේ දී කෙබඳු පියවර ගන්නේ දැයි වැඩ බලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ ලංකාවේ ශ්‍රමිකයන් ලක්ෂ ගණනක් විදේශ ගත වී සිටින බවත් ඔවුන් අතරින් ලංකාවේ නීතිඥ සහයෝගය අවශ්‍ය බවට සාධාරණ ඉල්ලීම් කරන අයට සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවත්ය.

විශාල පිරිසකට නීති සහයෝගය සැපයීම අපහසු කාර්යයක් බවත්, එම රටවල නීතිය පිළිබඳව විදේශ ගත වන පුද්ගලයන් දැනුවත් කිරීමට ආණ්ඩුව වැඩපිළිවෙළක් සකසන බවත් ඔහු පැවසුවේය.

Srilankanmirror

Related posts

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

colombotoday

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

විදුලි කණුවක් නිවසකට කඩා වැටී CEB සේවකයින් නිවැසියන්ගෙන් ගුටි කයි

colombotoday

ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි (Video)

colombotoday

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

colombotoday

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday