Colombo Today Local News

චීන්නුන්ට දුන් සයිනොෆාම් එන්නත්තේ ඉතිරිය ලාංකිකයන්ටත් දෙන්න යයි | නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ එන්නේ පෙනහළුවලට හානි වූ පසුවයි.

කෙතරම් උපදෙස් ලබාදුන්න ද මේ වනවිටත් බොහෝ පිරිසක් විනෝද චාරිකා සංවිධානය කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වර්තමාන කොවිඩ් -19 වෛරස තත්ත්වය අතිශයින් භයානක බව පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරයා සංචාරක කටයුතු හැකිතාක් අවමකරන ලෙස දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ,

“නව වෛරස් ප්‍රභේදයේ ජාන පෙළගැස්ම නිශ්චිතව හඳුනා ගැනීමට තවත් දින කිහිපයක් ගතවන බවයි දැනුම් දී තිබෙන්නේ. දැනට කරපු පරීක්ෂණවලින් පැහැදිලියි නව වෛරස් ප්‍රභේදයක් තමයි මතු වෙලා තියෙන්නේ. ඒක බොහෝ දුරට බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රදේශයෙන් පැතිර ගිය වෛරස් ප්‍රභේදයට සමාන එකක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ස්පුට්නික් එන්නත තව දින කිහිපයකින් අපේ රටට ලඟා වෙනවා. එවිට දෙවන අදියර ආරම්භ කිරීමට නියමිතයි ස්පුට්නික් එන්නතත් සමඟ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති 2ක ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ සයිනොෆාම් එන්නත ඔවුන්ගේ හදිසි ලැයිස්තුගත කිරීම් යටතට පත් කරයි කියලා. ලංකාවට මේ වනවිට ලක්ෂ 6ක් ලැබි තිබෙනවා සයිනොෆාම් එන්නත්. එ්කෙත් 4000ක පමණ ප්‍රමාණය තමයි ලංකාවේ සිටින චීන ජාතිකයින්ට ලබා දී තිබෙන්නේ. ඉතිරි එන්නත් ප්‍රමාණය ශ්‍රී ලාංකිකයිට ලබාදීම සඳහා අපි කටයුතු කරනවා. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාම සිරුවෙන් කටයුතු කරනවා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා අප රටේ සියලුම භෞතික සම්පත් සහ මානව සම්පත් යොදවලා තියෙනවා. එය සාර්ථක කරගැනීම සඳහා ජනතාවගෙන් අප විශේෂ සහායක් බලාපොරොත්තු වෙනවා. සති අන්තයේ නිවෙස්වල රැඳී සිටින්න. මේ යන්නේ නව ප්‍රභේදයක්. වෛරසය වෙනදාට වඩා ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. රෝග ලක්ෂණ එන්නේ ශරීරයේ පෙනහළුවලට යම් හනියක් සිදුවුණායින් පස්සේ. ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අපිට සහයෝගය ලබා දෙන්න.”

Related posts

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday

දැරියකට අතරවර කර එජාප අපෙක්ෂකයා ගමෙන් පනී..

colombotoday

ජිනීවා සමුළුව ඉලක්ක කර සිදුවන රණවිරු දඩයම නවත්වන්න. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනාධිපතිට ලිපියක්

colombotoday

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

colombotoday