Covid 19

මිනුවන්ගොඩ පාසල් සිසුහු දහයකට කොරෝනා. | සිසු සිසුවියන 78 ක් ස්වයං නිරෝධායනයට

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකින් කොරෝනා ආසාදිතය සිසු සිසුවියන් 10 දෙනකු අද උදෑසන වාර්තා වූ බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා මහතා පවසයි.

මේ හේතුවෙන් සිසු සිසුවියන 78 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියයි.

මීට අමතරව දරු දැරියන්ගේ මවුපියන් 14 දෙනකු ද කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

මිනුවන්ගොඩ පාසල් 15කින් මෙම පිරිස වාර්තාවී ඇති අතර එක් පාසලක ගුරුවරයකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

ආසාදිත හා නිරෝධායනයට ලක් කර ඇති පාන්ති සීමා කිරීමට කටයුතු යොදා ඇතැයි ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

එංගලන්තයේ කොවිඩ් ප්‍ර‍භේදය ආසාදිත දෙදෙනෙක් ත්‍රිකුණාමලයෙන් හදුනා ගනී

colombotoday

මිනුවන්ගොඩ පොකුරේ තවත් 145කට කොවිඩ් – 97ක් ආශ්‍රිතයින්

colombotoday

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා

colombotoday

සුනිල් පෙරේරාට කොවිඩ්

colombotoday

පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් අයෙක් හදුනාගනී | ජයලියගම පවුල් 50ක සාමාජිකයින් නිරෝධායනයට

colombotoday