Covid 19

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් අයෙක් හදුනාගනී | ජයලියගම පවුල් 50ක සාමාජිකයින් නිරෝධායනයට

පිළියන්දල කහතුඩුව ජයලියගම ප්‍රදේයේ ‌‌ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු හදුනාගෙන තිබේ.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පැවසුවේ එම ආසාදිතයා මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවයි.

47 හැවිරිදි එම පුද්ගලයා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හදුනාගෙන තිබේ.

ජයලියගම ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට

එම ආසාදිතයාගේ මව, බිරිඳ සහ පුතා ඇතුළු ජයලියගම ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇත.

එමෙන්ම කහතුඩුව ජයලියගම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Related posts

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

තහවුරු කළ කොවිඩ් මරණ 101ක් – – සමස්තය 2,000 ඉක්මවයි

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 741ක්

colombotoday

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු පරීක්ෂණවලින් කොවිඩ් රෝගීන් 106ක් හදුනා ගනී.

colombotoday

දැනට නව ආසාදිතයින් 3,588ක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday