Covid 19

ගෙවුණු දිනයේත් වැඩිම ආසාදිතයින් වාර්තාවීම කුරුණෑගලින්

ඊයේ(19)දින මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 309 දෙනා අතරින් වැඩිම පිරිස වන 67 දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කොළඹින් 62 ක්, ගම්පහින් 51 ක්, කලුතරින් 17 ක් ලෙස ආසාදිතයන් වාර්තා වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අම්පාර, කෑගල්ල, හා වව්නියාව දිස්ත්‍රික්වලින් ආසාදිතයන් එක් අයෙක් බැගින් ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් දෙදෙනෙක්ද වාර්තා වී තිබේ.

ගාල්ල හා මුලතිව් දිස්ත්‍රික්වලින් ආසාදිතයන් 03 දෙනෙකු බැගින් වාර්තා වී ඇත.

ත්‍රිකුණාමලයෙන් 04 දෙනෙකු, මොනරාගල 05 දෙනෙකු, නුවර 07 දෙනෙකු ,පුත්තලමේ 09 දෙනෙකු හා යාපනයේ 10 දෙනෙකු වශයෙන් ආසාදිතයන් හඳුනා ගෙන තිබේ.

එමෙන්ම විදෙස්ගතව සිටි පැමිණි ලාංකිකයන් 18 ක් ද ආසාදිතයන් ඒ අතරට අයත්.

Related posts

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

colombotoday

වාද්දූවේ එකම පන්සලක ස්වාමීන් වහන්සේලා 27කට කොවිඩ්

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 300ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

colombotoday