Colombo Today Local News

දෙස් විදෙස් සංචාරකයින්ට, නව සංචාරක කලාප කිහිපයක්

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන අතර එම නව සංචාරක කලාප හඳුනා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම කලාප හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර මෙරට සංචාරක කලාප 07ක් දැනට ක්‍රියාත්මකයි.

නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට එම සංචාරක කලාප වන අතර ඊට අමතරව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්ව නොමැති සංචාරක ආකර්ෂණයකින් සමන්විත තවත් කලාප ගණනාවක් දිවයින පුරා පිහිටා තිබේ.

එම සංචාරක කලාප හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් එහි යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කළහැකි බව ඇමතිවරයාගේ අදහස වන අතර නව සංචාරක කලාප ප්‍රකාශයට පත්කිරීමේ දී දැනට හඳුනාගෙන ඇති නිර්ණායක යාවත්කාලීන කිරීමට ද සිදුව තිබෙන බව සඳහන්.

මෙරට සංචාරක කර්මාන්තය වසර 2025 වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 10ක ආදායමක් ජාතික ආර්ථිකයට ලබාදීම ඉලක්ක කරගනිමින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණ ද එය යථාවත් කිරීම සඳහා මේ වනවිට රජයට ගත හැකි, ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

Related posts

පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයි

colombotoday

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

colombotoday

මලවිවරයෙකුගේ බිලි පූජාවට තුර්කියෙන් රු. කෝටි 3ක්. හමුදා පොලීසිය නවත්වයි. ගවයන් 350 ක් බේරා ගනියි.

colombotoday

IMF නිලධාරීන් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම ගැන මූලික එකඟතාවයකට පැමිණෙයි

colombotoday

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday