Colombo Today Local Newsextremism & terrorism activities

පකිස්ථානයේ ගැටුම් ඇවිලෙයි. | ඉස්ලාමීය දේශපාලන පක්ෂයකුත් තහනම් කරයි. | ප්‍රංශ ජාතිකයන්ට පකිස්ථානය අවදානම් බව නිවේදනය කරයි.

පකිස්තාන රජය Tehreek-i-Labaik Pakistan (TLP) පක්ෂයේ නායක සාද් රිස්වි අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය බදාදා ඔහුගේ පක්ෂය තහනම් කරන බව නිවේදනය කළේය.

ඒ සමගම ඔහුගේ ආධාරකරුවන් අධිවේගී මාර්ගවල වාඩි වී ගමනාගමනයට බාධා කළ අතර පසුව කරච්චි සහ රාවල්පින්ඩි ඇතුළු ප්‍රධාන නගරවල මාර්ග අවහිර කළහ.

විරෝධතාකරුවෝ අගනුවර වන ඉස්ලාමාබාද්හි විරෝධතා දැක්වූ අතර දින ගණනාවක් තිස්සේ ප්‍රධාන මාර්ග අවහිර කළහ. මේ නිසා පොලීසිය විසින් රටපුරා මර්දනයක් දියත් කළ අතර ඒ සමගම ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

Tehreek-i-Labaik Pakistan (TLP) පක්ෂය පාකිස්තානයේ විරෝධතා ව්‍යාපාර ගෙනගිය පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ නොවැම්බරයේදී එම පක්ෂය පාකිස්තානය පුරා මෙවැනිම ප්‍රචණ්ඩකාරී විරෝධතා මෙහෙයවූ අතර එම උද්ඝෝෂණයට නායකත්වය ලබා දුන්නේ සාද්ගේ පියා වන ඉස්ලාමීය පූජකයෙකු වූ කදීම් හුසේන් රිස්විය. ඔහු පසුගිය නොවැම්බර් 20 වන දින මරණයට පත්විය.

ප්‍රංශ පුරවැසියන්ට පකිස්ථානය හැරයන ලෙස උපදෙස්…

පාකිස්තානයේ ප්‍රංශ තානාපති කාර්යාලය බ්‍රහස්පතින්දා රැඩිකල් ආගමික කණ්ඩායමක් වන ටෙහ්රික්-ඉ-ලාබයික් පාකිස්තානයේ (ටීඑල්පී) ප්‍රචණ්ඩකාරී ප්‍රංශ විරෝධී විරෝධතාවලින් පසු තාවකාලිකව රට හැර යන ලෙස ඉල්ලා සිය රටවැසියන්ට උපදෙස් ලබා දුන්නේය. විරෝධතාකරුවන් ප්‍රංශ පුරවැසියන් ඉලක්ක කර ගත් බවට මෙතෙක් වාර්තා වී නොමැති නමුත් තානාපති කාර්යාලය කියා සිටියේ මෙම පියවර “පූර්වාරක්ෂාව” බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් “ඉස්ලාමීය බෙදුම්වාදයට” එරෙහිව සටන් කිරීමට ප්‍රතිඥා දුන් දා සිට ප්‍රංශ විරෝධී හැඟීම් මාස ගණනාවක් තිස්සේ පාකිස්තානය තුළ ව්‍යාප්තව ගොස් තිබේ.

ප්‍රංශ තානාපතිවරයා එරටින් නෙරපා හැර ප්‍රංශ නිෂ්පාදන රට තුළ තහනම් කරන ලෙස ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් රජයට බල කිරීමේ අරමුණින් මේ සතිය මුලදී ටීඑල්පී ආධාරකරුවෝ ප්‍රචණ්ඩකාරී විරෝධතාවක් දියත් කළහ.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

colombotoday

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

colombotoday

ශ්‍රීලනිප සාමාජිකයින් ඇමති ධූර භාර ගැනීම පක්ෂයේ තීරණයට පටහැනියි – ශ්‍රීලනිප සභාපති

colombotoday

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්

Admin

බංග්ලාදේශයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

colombotoday

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday