World

ඉස්ලාමයට අභියෝගයක් කියා සෝමාලියාවත් නත්තල් සැමරුම් තහනම් කරයි

somaliසෝමාලියාව විසින් එරට තුළ සියලු නත්තල් උත්සව තහනම් කර ඇති අතර, මෙවැනි උත්සව එරට ඉස්ලාමීය විශ්වාසයන්ට අභියෝගයක් විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

මෙවැනි උත්සව කිසිම ආකාරයකින් ඉස්ලාම් දහම සමග සැසඳෙන්නේ නැහැ යනුවෙන් එරට ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

එහිදී, නත්තල් උත්සවයක් වෙනුවෙන් සිදුකරන කවර ආකාරයක හෝ එකතු වීමක් වැළැක්වීමේ අරමුණින් ආරක්ෂක අංශ වෙත අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ.

එහිදී, රට තුළ වෙසෙන විදේශිකයන්ට ඔවුන්ගේ නිවෙස් තුළ නත්තල සැමරිය හැකි වුවත්, ඒ සඳහා හෝටල් හෝ වෙනත් කිසිදු පොදු ස්ථානයක් භාවිත කිරීම තහනම් කර තිබේ.

මේ අතර ‍බෲනෙයි රාජ්‍යයද නත්තල් සැමරීම සහ උත්සව පැවැත්වීම එ‍රට සුල්තාන් වරයා තහනම් කර තිබෙනවා.

මූලාශ්‍රය

Related posts

ප්‍රංශයේ මැයි දින පෙළපාලි අතරතුර ගැටුම්වලින් පොලිසියේ 100කට අධික පිරිසක් තුවාල ලබයි

Admin

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

ජාතික ආරක්ෂාව සලකා “චයිනා මොබයිල්“ සමාගමට ඇමරිකාවේ දොර වසයි

colombotoday

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin