World

ඇන්ටාටිකාවෙන් දියුණු ශිෂ්ඨාචාරයක නටඹුන් හමුවුනාද? රහසෙන් කැණීම් කරනවාද?

ඇන්ටාටිකාව යනු සදාකාලිකවම හිමෙන් වැසුනු මහාද්වීපයකි. විටක මෙම අයිස් තට්ටුවේ ඝණකම කිලෝමීටර් 3ක් පමණවේ යයි කීවොත් ඔබ පුදුම වන්නටද පුලුවන. මේ මහා හිම තට්ටුවෙන් වැසුනු ඇන්ටාක්ටිකා මහාද්වීපය කලින් හිමෙන් තොරවූ අර්ධ-ඝර්මකලාපීය (sub-tropical) දේශගුණයකින් හෙබි ප්‍රදේශයක් වූ බවට විද්‍යාඥයින් අතර කල්පිතයක් ඇත. මෑතකදී ඇන්ටාක්ටිකාව අසල මුහුදේ කැනීම් කල විද්‍යාඥයින් පිරිසකට වසර මිලියන 52ක් පැරණි යයි සැළකෙන වැසිවනාන්තරවල වැවෙන ශාකවල ෆොසිල හමුවී ඇත.ඇන්ටාක්ටිකාවේ බිහිවූවා යැයි සැළකෙන ඉපැරණි ශිෂ්ඨාචාරයක් පිලිබඳව විවිධ මත තිබෙනවා. “ක්‍රස්ටල් ඩිස්ප්ලේස්මන්ට්” නම් භූගෝල විද්‍යා කල්පිතයට අනුව පෘථිවි කබොල්ලේ කොටස් ඊට යටින් ඇති ලාවා ස්ථරය මත පාවෙමින් ගමන් කරන අතර ඒ අනුව මීට වසර 12,000කට පමණ ඉහතදී ඇන්ටාක්ටිකා මහාද්වීපයේ විශාල ප්‍රදේශයක් අයිස් නොමැති පෙදෙසක් වී තිබෙනවා. මෙහි දියුණු ශිෂ්ඨාචාරයක් බිහිවී පසුව ඇන්ටාක්ටිකාව මිදී යාමත් සමග විනාශවී ගිය බවයි කියවෙන්නේ.

ඇන්ටාක්ටිකාවේ බිහිවුනු දියුණු ශිෂ්ඨාචාරය ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විස්තර කල ඇට්ලෑන්ටිස් ශිෂ්ඨාචාරය විය හැකි බවටද කල්පිතයක් තිබෙනවා. ඇන්ටාක්ටිකාව ගැන දේශගවේෂකයින් නොදැන සිටි සමයක ඇඳුනු පිරී රීස් සිතියමේ ඇන්ටාක්ටිකා වෙරළ බොහෝ දුරට නිවැරදිව දක්වා තිබෙනවා. මෙසේ වන්නට ඇත්තේ පිරී රීස් සිතියම නිර්මාණය කල අද්මිරාල් පිරී ඉබන් හාජි ඒ සඳහා මූලාශ්‍ර ලෙස ඉපැරණි සිතියම් රාශියක් යොදාගත් නිසා බවයි උපකල්පණය වන්නේ. එනම් අද්මිරාල් හාජිගේ කාලයේ (1513 A.D) ඇන්ටාක්ටිකාව ගැන නොදැන සිටියාට පැරැණ්නන් එය ගවේශණය කොට සිතියම් සකසා තිබෙන බවත් පසුව එම දැනුම වැලලී ගිය බවත් කියවෙනවා.එසේත් නොමැතිනම් ඇන්ටාක්ටිකාවේ ශිෂ්ඨාචාරය දියුණුව පවතින කාලයේදී එහි වැසියන් අඳින ලද සිතියම් අද්මිරාජ් හාජිගේ කාළය වනතෙක්ම රාජකීය පුස්තකාලවල තිබෙන්නට ඇති බවද කල්පිතයක්.

එපමණක් නොව ඇන්ටාක්ටිකාවේ රූගත කිරීම් වල නිරතව සිටි කැලිෆෝනියානු රූපවාහිණී කණ්ඩායමක් හදිසියේ අතුරුදහන් වූ බවත් ඔවුනට සිදුවූයේ කුමක්ද යන්න තවමත් නොදන්නා බවටත් කටකතාවක් පවතිනවා. අතුරුදහන් වූ මෙම කණ්ඩායම ඇන්ටාක්ටිකාවේ සිදුවන රහසිගත කැණීම් රූගත කරන්නට යද්දී අතුරුදහන් වූ බවයි පැවසෙන්නේ. ඇන්ටාක්ටිකාවේ ඝණ අයිස් තට්ටුව යට තිබී පිටසක්වලයින්ගේ යානාවක් හෝ ඔවුන්ගේ නගරයක නටඹුන් හමුවී ඇති බවත් ඇමරිකාව ඉතා රහසිගතව එම ස්ථානයේ කැණීම් කරන බවත් පැවසෙනවා.

ඩොන් ශ්‍යාම්

Related posts

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

colombotoday

කවුරු විරුද්ධ වුණත්, පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභාවේ සජීවී විකාශය නවත්තන්නෑ – කිරිඇල්ල

colombotoday

පසුතැවීමක සේයාවක්වත් නෑ.. වැඩේ තිතටම කළ බව ක්‍රයිස්චර්ච් වෙඩික්කරු අධිකරණයේදී සංඤා කරයි…

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

colombotoday

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

Admin

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday