Colombo Today Local News

පාස්කු කොමිසම් වාර්තාව : අමාත්‍ය අනු කමිටු අවසන් වාර්තාව ජනපති අතට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

කමිටු සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් කමිටුව පත්කරනු ලැබීය.

කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ.

එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත.

නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිවරයා විසින් මීට පෙර නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

කලකිරුණු අලින් සමග තිස්ස අලුත් යූඇන්පියක් හදයි

colombotoday

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday

කලා වැවේ දීඝදන්තුට විදුලි සැරවැදෙයි

Admin

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

ජනපති දෙලොවක් අතර.. අගමැති එනතුරු ඉල්ලා අස්වීම භාර නොගනී.. දිල්රුක්ෂි තවම වැඩ

colombotoday