Colombo Today Local News

උත්සව සමයේ මුළු රටටම විශේෂ ආරක්ෂාවක් – ජනපතිගෙන් උපදෙස්

පාස්කු සමයේදී හා අවුරුදු සමයේ දී දේවස්ථාන හා හෝටල් ඇතුළු වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති වරයාට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේදී විශේෂ උපදෙස් මාලාවක් ලබාදුන් බවයි.

ප්‍රධාන හෝටල්වලට පාස්කු සමයේදී යුද හමුදා ආරක්ෂාව දෙන ලෙස ඒවායේ ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා කීය.

ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, එම වැඩපිළිවෙළ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කරන බවත්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

මැතිවරණයට දින තුනකට පෙර අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාටවත් දොස් පැවරීමට නොහැකියි

colombotoday

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි.. ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? අවසන් තීරණය අද

colombotoday

ලංවීම ගිය වසරේ පාඩුව රුපියල් බිලියන 26කට වැඩියි…

colombotoday