Colombo Today Local News

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත අන්තර්ජාලයට එක්කළ තරුණියට වැඩ වරදී

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම සම්බන්ධ‍යන් වරද පිළිගත් තරුණියකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් ඊයේ (1)දින නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සැකකාරියට එරෙහිව නගා තිබූ චෝදනා තුනකට වරද පිළිගැනීම නිසා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස දඬුවම් නියම කළේය.

සැකකාරියට මාස 6ක සිරදඬුවමක් නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, එම සිරදඬුවම වසර 10කට අත්හිටුවනු ලැබීය. ඊට අමතරව රුපියල් 1500ක දඩ මුදලක් ගෙවන ලෙස සැකකාරියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් තවත් අමතර මාස 3ක සිරදඬුවම් නියම කළෝය.

මෙලෙස අත්හිට වූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම වූයේ පොළොන්නරුවේ පදිංචි රසිකලා සඳමාලි ලියනගේ නමැති සැකකරියකටය.

පොළොන්නරුව ප්‍රදේශ​යේ පදිංචි රූපලාවණ්‍ය ශිල්පිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාරියට නඩුව පවරා තිබුණි.

Related posts

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday

වැට් බද්ද 15% දක්වා ඉහළට.. මැයි 02 සිට ක්‍රියාත්මකයි !

colombotoday

වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර

Admin

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවටත් බාහිර පුද්ගලයින් පැමිණීම අත්හිටුවයි

colombotoday

දයාරතන හිමි, ඉත්තෑකන්දේ හිමි, සුදත්ත හිමි අතුළු 11ක් ඇප මත නිදහස්

colombotoday

“යහපාලන ආණ්ඩුවේ හරක් පැටවූ එලි බැහැලා” – අජිත් පී පෙරේරාට එරෙහිව සමුර්ධි නිලධාරීන් උද්ඝෝෂනයේ

colombotoday